නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රන් භාණ්ඩ තොගයක් අත්අඩංගුවට
සිංගප්පූර්වේ සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රන් භාණ්ඩ තොගයක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක රේගුව අද උදෑසන සිදුකළ වැටලීමකදී සැකකරු සිය ගමන් මල්ලේ සඟවාගෙන රැගෙන ආ මෙම රන් භාණ්ඩ සොයාගෙන ඇති අතර, එහි වටිනාකම කෝටි එකහමාරකට ආසන්න බව කටුනායක රේගුව සඳහන් කරයි. සැකකරු මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තිස්දෙහැවිරිදි පුද්ගලයෙකු බව වාර්තාවේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed